English
සිංහල
21:14 ඉරිදා, මැයි 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඒකාධිපති පාලනයකට ගෙන යන නව පනත් වලට එරෙහිව සිවිල් ආයතනවලින් එකාබද්ධ නිවේදනයක්

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර රට ඒකාධිපති පාලනයකට ගෙනයෑම සඳහා මර්දන නීති ගෙන ඒමට රජය ගත් පියවර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටපත් කිරීමේ පටු ප්‍රයත්නයක් බව ජනමාධ්‍ය, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව තවත් පාර්ශව ගණනාවක් සමග එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්වලට මුළුමනින්ම පටහැණි ලෙස මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සංවිධානයවීමේ අයිතිය සහ සිවිල් ක්‍රියාකාරීත්වයන්හි නිරතවීමේ අවකාශ සීමාකිරීමේ මර්දනකාරී අණ පනත් ගෙන එමින්, රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයෑමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දරමින් සිටින උත්සාහය පිළිබඳව සමාජ දේශපාලන ක්‍රමයේ යහපත් හා ගැඹුරු වෙනසක් අපේක්ෂා කරන පුරවැසියන් සහ සමාජ ක්‍රියාකාරිකයන් වශයෙන් සිය දැඩි අවධානය යොමුවී තිබෙන බව එම ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වේ.

    ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ කණ්ඩායම් 50කට අධික සංඛ්‍යාවක් මෙන්ම එක් එක් මාධ්‍යවේදීන්, ජ්‍යෙෂ්ඨ විද්වතුන් සහ ක්‍රියාකාරීන් 50කට අධික සංඛ්‍යාවකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ප්‍රකාශයේ දැක්වෙන්නේ, ඉදිරි මැතිවරණය ජනතා අරගලයකින් පසුව පැවැත්වෙන බැවින් රටට තීරණාත්මක බවයි.

    එම ඒකාබද්ධ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

    “නිවැරදි, සමබර, අපක්ෂපාතී සහ නිර්පාක්ෂික තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා කිසිදු වාරණයකින් තොරව විවාදයට සහ සාකච්ඡාවට පොදු වේදිකාවක් සපයමින් ඉදිරි මැතිවරණය නිදහස් හා සාධාරණ බව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ආණ්ඩු පක්‍ෂයට මෙන්ම විරුද්ධ පක්‍ෂවලට ද තම අදහස් හා ප්‍රතිපත්ති මහජනතාවට දැනුම්දීමට සියලු අවස්ථාවන් සහතික කළ යුතුය.

    මර්දන නීති ගෙන ඒම තුළින් රට ඒකාධිපති පාලනයකට ගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය දරන උත්සාහය පිළිබඳව පුරවැසියන් ලෙස අපි දැඩි කනස්සල්ල පළකරනවා. මහජන වරමකින් තේරී පත්නොවූ ජනාධිපතිවරයකුට සහ ප්‍රතික්ෂේප වූ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකට මර්දනකාරී නීති සම්මත කිරීමට සහ නව නීති පැනවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අපි තරයේ විශ්වාස කරමු.”

    රජය විසින් ඉදිරිපත් කරන ලද අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පෙත්සම්කරුවන් 45 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන ලදී.

    නඩු විභාගය ආරම්භයේදී නීතිපති දෙපාර්තමේන්තුව පනත් කෙටුම්පතට සංශෝධන 32කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.

    එම නඩු විභාගයෙන් අනතුරුව වගන්ති 31ක් සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

    ලෝක ප්‍රකට සමාගම්වලින් සමන්විත Asian Internet Coalition දීර්ඝ ලිපි දෙකකින් විෂය භාර ඇමැතිවරයාට පෙන්වාදුන්නේ; ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පෙර සහ පනත් කෙටුම්පත මගින් අන්තර්ජාතික රෙගුලාසියේ මූලධර්ම උල්ලංඝනය කර ඇති බවයි.

    අන්තර්ජාලය තුළ සිදුවන අපරාධ මැඩලීමට ප්‍රමාණවත් නීති රට තුළ පවතින බැවින් අන්තර්ජාලය පාලනය කිරීම සඳහා කෙටුම්පත් පනතක් අවශ්‍ය නොවන බවට ඔවුහු විශ්වාස කරති.

    මෙම සියලු කරුණු නොසළකා හරිමින් තවමත් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඒවා දෙවැනි වර කියවීමේදී පරාජය කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන්ද ඔවුන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

    නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය නීති සංසදය, නීතිය සහ සමාජ භාරය, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය, දකුණ ආසියා නිදහස් මාධ්‍ය සංගමය, ලංකා ගුරු සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාර වෘත්තීය සමිතිය (FMMTU), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), මුස්ලිම් මාධ්‍ය සංසදය සහ යාපනය පුවත්පත් සමාජය ඇතුළු තවත් පිරිස් මෙම ප්‍රකාශයට අත්සන් තබා තිබේ.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version