ඊයේ (04) සවස් කාලයේ ඒත්තුකාල මුහුදු වෙරළේ පිරිසක් සමඟ දිය නෑමට ගිය අයෙකු එකවර දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මැටියගනේ , වැවුඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා මීගමුව පොලිසිය සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් කටයුතු සිදු කරන බව වාර්තා වේ.














































