වයස අවුරුදු 45ක් පමණ වන කාන්තාවකට අතවර කළ තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ගලෙන්බිදුණු වැව 21 ජනපදයෙන් වාර්තාවේ.
මෙම කාන්තාව විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවක් බව පැවසේ.
සැමියා නිවසේ නැති අවස්තාවක සැකකාර තරුණයා නිවසට ඇතුල්වී කාන්තාවට ලිංගික අතවර කොට ඇති බව සදහන්වේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ ගලෙන් බිදුණු වැව පොලීසිය සිදුකරනු ලබයි.














































