අද උදෑසන 9.30 ට පමණ කොටහේන ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ගමන් කළ පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ . මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුට අනතුරක් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































