අද (03) උදෑසන 4.40 ට පමණ කොළඹ කොටුවේ සිට මිගමුව දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක් කඳාන කපුවත්ත දුම්රිය ස්ථානයේදී එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ නතර වී තිබේ.
එලෙස නතර වූ දුම්රිය මේ වන විට කපුවත්ත දුම්රිය ස්ථානයේ නවතා ඇති හෙයින් කොළඹ හලාවත අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.














































