English
සිංහල
20:33 බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කෝටිපතියටත්, කුරුදුවත්තටත් කන්න නැතිවෙන ඔබටද , මටද  කටුක අහාර හිඟය.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඔබටත්, මටත් ආහාර හිගයක් ඇති උනොත් දැනෙන වේදනාව දන්නේ කුස ගින්නේ සිටින මිනිසුන් පමණි.  එහෙම වෙන බවට මේ වෙද්දීත් අපට පේන්න පටන් අරන් ඉවරයි. එත් තවමත් මෙරට බහුතරයකට එය දැනෙන්නට පටන් අරන් නැත. අහාර හිගය ඔබට දැනෙන අකාරය ගැන අපට ලැබුණු විශේෂ ලිපියක් මතු දැක්වේ.

    ආහාර හිඟයක් ඇතිවෙන බව අනතුරු ඇඟෙව්වත් තවමත් ඊට යොමුවෙන්න ඕන අවධානය හරිහැටි යොමු නොවෙන්නේ මිනිස්සුන්ට මෙහෙම හිඟයක අත්දැකීමක් නැති හින්දා සහ අවබෝධය අඩුකම නිසා.

    මේ හින්දා ආහාර හිඟයක් ඇතිවන විදිය සහ ඒකෙන් පසුව ඇතිවිය හැකි තත්වය ඔබට කියන්න ඕන. ඔබ කියවන්න යන්නේ ඉතාම කටුක ලියවිල්ලක්, නමුත් මේ දේවල් හෙට ඔබට මට වෙන්න පුලුවන් සම්භාවිතාව 80%කට වැඩියි.

    ඒ නිසා දැන්ම තියා හිත හදාගන්න නෙවෙයි, මේ විදියට නොවෙන්නයි මේ ලියුම ලියන්නේ.

    ඔබ දන්නවා චීන ජාතිකයන් බල්ලො, බලල්ලු, නයි, පොලොන්ඟු වගේ අපි හීනෙන්වත් කන්න නොහිතන සත්තුන්ව ආහාරයට ගන්නවා. ඔබ නිකමට හිතුවාද මේක වෙන්න හේතුව.??

    චීනයට දැන් තියෙනව වගේ කොමියුනිස්ට් සමූහාණ්ඩුවක් ඇතිවුනේ 20වන සියවසේ මුල් භාගයේදීමයි. කොහොම නමුත් මේ පාලකයෝ එක කාලෙකදි ඉතා අමනෝඥ තීරණයක් ගන්නවා, ඒ තමා ජන ජීවිතයට බාධාවක් ලෙස සලකපු ගේ කුරුල්ලන් නම් කුරුළු විශේෂය වඳ කරන්න ඕන කියන තීරණය.

    මිනිස්සුත් පාලකයාගේ පදේට නටන පිරිසක් නිසා ඔවුනුත් තරඟෙට ගේ කුරුල්ලන්ව මැරුවා. මිලියන ගණනක් ගේ කුරුල්ලන්ව මරල දාල අවුරුද්දක් වගේ ගියාම තමා චීන්නුන්ට හික් ගෑවුනේ..!

    ගේ කුරුල්ලන්ගේ නික්ම යාම එක්ක එයාලා විසින් කරපු පරාගන කටයුතුත් නැවතුනා. ඒ කියන්නේ බෝගවල ඵල දරන්න අවශ්‍ය පරාගන කටයුතු නැවතුනා. ඊලඟ වසර කිහිපය ගත වෙද්දි මුළු චීනයටම අති දරුණු සාගතයකට මුහුණ දෙන්න සිදුවුනා. මේ සාගතය නිසා මිලියන ගණනක මිනිස් ජීවිත ඔවුන්ට අහිමි උනා.

    මේ කාලෙදි පණ රැකගන්න ඔවුන්ට නයි පොලොන්ඟුන්ගෙ ඉඳන්, ගෙම්බො, පණුවෝ, හැකරැල්ලෝ දක්වා සියළු සතුන්ව ආහාරයක් කරගන්න උනා. අන්න ඒක කොච්චර දරුණුවට කරන්න උනාද කියනවානම් ඔවුන්ට පරම්පරා ගානක් යනකන් මේ පුරුද්ද අතැරගන්න බැරිවුනා.

    නැතිනම් අද චීනය කියන්නේ කෘෂි නිශ්පාදනය අතිනුත් ඉස්සරහින්ම ඉන්න රටක්. එයාලාට වර්තමානෙදී කන්න කෑම ඕනතරම් හදාගන්න පුලුවන්කම තියෙනවා.

    ඉතිං ආහාර හිඟයකදී අපිට පණ රැකගන්න අතට අහුවෙන ඕනෑම සතෙක්, ආහාරයට ගන්න සිදුවෙනවා. සත්තු විතරක් නෙවෙයි, හයිටිය වගේ රටවල කිරි මැටිත් ආහාරයට ගන්නවා..!!

    අද මේක කියවන රූමත් තරුණියෝ කැමතිද හෙට හැකරැල්ලො මැල්ලුමක් එක්ක පොලඟෙක්ව මරාගෙන කන්න.??

    වෙනිසියුලාව කියන්නෙත් අපි වගේම කට්ටක් කන රටක්. එයාලා තාම හැකරැල්ලො කන මට්ටමට ඇවිල්ලා නම් නැතුව ඇති, හැබැයි එයාලා හෝටල්වලින් එලියට දාන ඉඳුල්, කුණු බක්කිවල ඉතුරුවුන නරක් වෙච්චි පළතුරු එහෙම පොරකකා කනවා..!!

    එතකොට රුසියාවේත් අනුව දශකය අගදී උන ආර්ථික අර්බුධය එක්ක ආහාර හිඟයක් ඇතිවුනා. එතනදීත් අද වෙනිසියුලාවට වගේම රුසියානුවන්ටත් ඉඳුල් කන්න උනා..!

    දැන් ලංකාවටත් මේ තත්වය ටිකෙන් ටික උදා වෙනවා. අපේ රටේ ඔලමොට්ටලයෝ පොහොර තහනම් කරා මීට අවුරුද්දකට කලින්, එතකොට ඉතිං ඒක තොරණ් බැඳල වර්ණනා කරපු අය ගැන කතා කරල වැඩක් නෑ.

    නමුත් මේ තීරණයෙන් කෘෂි අස්වැන්න සැලකිය යුතු ලෙස අඩුවුනා විතරක් නෙවෙයි. කෘෂි නිශ්පාදන අපනයනයෙන් ලැබුනු ඩොලර් මිලියන 500කට වැඩි මාසික ආදායමකුත් අහිමි උනා.

    පොහොර තහනම් නොකලානම් මෙහෙම වෙන්නේ නැත..!

    දැන් උන දේ වෙලා ඉවරයි.

    හැබැයි මේ පාර යල කන්නය වගා කරන්න පටන් අරන් තියෙන්නේ 50%කටත් අඩු ගොවීන් ප්‍රමාණයක්. කරන අයත් ඒ අස්වැන්න වෙලඳපොලට නිකුත් කරන්නේ ඉතා අඩුවෙන්.

    මේ නිසා සහල් නිශ්පාදනයෙන් 50%ක් පමණ අඩුවේවි කියල උපකල්පනය කරන්න පුළුවන්. ඒ එක්කම මේ වෙද්දී ලෝකය පුරාමත් ආහාර අර්බුධයක් වර්ධනය වෙමින් තියෙනවා. හරියටම අගෝස්තු වෙද්දී ලෝක ආහාර අර්බුධයකුත් ඇතිවෙනවා.

    මේ නිසා ඉන්දියාව වගේ රටවල් තමන්ගේ තිරිඟු පිටි සංචිත අපනයනය කරන එක දැනටමත් නවත්තලා..

    ඔබ දන්නවාද.? අපි ගන්නා ආහාර වේලෙන් 1/3 ක් ම පාන් පිටි හෙවත් තිරිඟු පිටි..!

    මේ නිසා තව මාසෙකින් දෙකකින් පාන් පිටි නැත්තටම නැති වෙනවා..

    පරිප්පුත් කන්න ලැබෙන්නේ තව මාසයක් හෝ දෙකක් විතරයි..!

    යල අස්වැන්න නෙලන කාලය වෙද්දී සහල් කිලෝවක් රු.1000කට ආසන්න මිලක් දක්වා මිල වැඩිවෙන්න පුලුවන්.

    මේ නිසා අපේ ආහාර වේල් තුනෙන් ආහාර වේල් දෙකක් කොහොමටත් අපට අහිමි වෙන්න නියමිතයි..!!

    එතකොට.?

    ඔව්, එතකොට හැම ගින්නකටම වඩා ලොකු බඩගින්න   උග්‍ර වීම නිසා පාරවල්ගානෙ හාල් මල්ලකට මරාගන්න මිනිස්සුන්ව ඔබට දකින්න ලැබෙයි. නැතිනම් අපිත් ඒ තත්වෙට වැටෙයි..

    පහල ආදායම් ලබන නාගරික ප්‍රජාවගෙන් බහුතරයකට හාමතේ දිවි අහිමි වෙන්න පවා ඉඩකඩ තියෙනවා..

    සහල් පමණක් නෙවෙයි, එළවළු නිශ්පාදනයටත් මේක බලපානවා.  අනිවාර්‍යයෙන්ම එලවළු මිලත් වැඩිවෙනවා. ඔබේ හීන, බලාපොරොත්තු වෙනුවෙන් ඔබ මහන්සියෙන් එකතු කරපු මුදල් ඔබට ආහාර සඳහාම වියදම් කරන්න වේවි..!!

    පිටරටින් ගෙන්වන සියළු ආහාර වර්ග අපිට අහිමි වෙන නිසා kfc, mac වගේ අවන්හල් වැහිල යනවා විතරක් නෙවෙයි. කොළඹ කුරුඳුවත්තේ ඉන්න අයටත් තම දිවි රැකගැනීමට අල බතල කන්න වෙනවා..

    මේ හින්දා අද ඔබ කන බත් ඇටයක් ඇටයක් ගානෙ ඔබට අනාගතයේදී දුක හිතෙයි..!!

    ගෙදර උයන කෑමවලින් බත් ඇටයක්වත් අහකට දාන්න එපා. ඉතිරිවෙන බත් වේලලා කුඩුකරල තියාගන්න. අනාගතේ දවසක එක වේලක් පිරිමහගන්න අග්ගලයක් හදාගන්න ඒ හාල් කුඩු ටික ප්‍රයෝජනවත් වේවි.

    ඒ වගේම, ලංකාවෙ මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ වෙලඳපොලට ආහාර ද්‍රව්‍ය නොලැබීම නිසා.

    නමුත් ඔබට ගෙවත්තේ මොනයම්ම දෙයක් වවාගන්න පුලුවන්නම් ඔබට යම් තරමකට මේ අර්බුධයෙන් ගොඩ එන්න පුලුවන් වෙයි. (ගොඩ එනව කියන්නෙ පණ රැකගන්න එකට.)

    නාගරිකව ඉන්න ඔබටත් වගා මළුවල වවන්න පුලුවන් ආහාර තියෙනවා.

    රාබු, බණ්ඩක්කා, වම්බටු, මිරිස්, පළා වර්ග (තම්පලා), ගෝවා, මඤ්ඤොක්කා පවා විශාල මළුවල වගා කරන්න පුලුවන්.

    මඤ්ඤොක්කාවල කිරිකවඩි කියන ප්‍රභේදයනම් මාස 3කින් වගේ අස්වැන්න ලැබෙනවා.

    ඒකට අමතරව ඔබ ගමක ඉන්නවානම් ගෙවත්තට අමතරව කොස් ටිකක්, අලවර්ග ටිකක් හොයගෙන ඒවා කල්තබාගන්න පුලුවන්. ඒ ක්‍රමවේද ගැනත් දැනුවත් කරන්නම්..!!

    වර්තමානයේ කිසිම දේශපාලන පක්ෂයකින් මේ ආහාර අර්බුධය ගැන ඔබව දැනුවත් කරන්නේ නෑ. 

    ඔවුන්ට දේශපාලනය කරන්න පුලුවන් වෙන්නේ අර්බුධය ඔබේ ගෙයි එලිපත්තට ආවාට පස්සෙ..

    මේ නිසා මේ අර්බුධය ගැන මුලින්ම දැනුවත් වෙන්න. කිසි ලෙසකින්වත් මේක නොසලකා හරින්න එපා..!!

    අදම, මොනවා හෝ වවන්න ගන්න.. අතාරින්න එපා, වවන්න…!!

    අපේ ආහාර අපිටම හදාගන්න වෙන තත්වයක් ඉදිරියේදී ඇතිවෙන්නේ..

    ඔබ වෛද්‍ය, ගුරු, නීතීඥ්‍ය මොකා උනත් වවන්න වෙන එක වෙනවාමයි…!!

    මොකද ඉස්සරහට කඩේට හාල් එන එකත් නවතිනවා..

    පරක්කු නොවී ක්‍රියාත්මක වෙන්න..

    තරුණ පරපුර..!! උඹල දන්න දන්න හැම එකාටම මේක කියහල්ලා.. කොල්ලො ටික සෙට් වෙලා මොනවා හරි කරහල්ලා.. නැතිනම් කෙල වෙන කෙලවිල්ල හිතාගන්නවත් බැරිවෙයි මචං..!!

    |සජිත් පුෂ්පකුමාර|

    Tags: SRI LANKA ECONOMIC CRISISවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version