මේ වන විට ගාලුමුවදොර අවට පොලිස් ආරක්ෂාව තරකර ඇති බව වාර්තා වේ.
අරගල භූමිය තුළ කූඩාරම් ඉදිකර ගත් පිරිසක් තවමත් ඒතුළ රැඳී සිටින බව ද වාර්තා වී ඇති අතර පසුගිය කාල පරිච්ඡේදයට සාපේක්ෂව මේ වන විට ඉතිරිව ඇත්තේ ඉතා සුළු කූඩාරම් ප්‍රමාණයක් බව දක්නට ලැබේ.
අද (09) දිනයේ ජනතාව ගාලුමුවදොර අරගල භූමියට නොපැමිණියහොත් තමන් ඇතුළු ඉතිරි පිරිස් ද එම ස්ථානයෙන් ඉවත් වන බවට ඊයේ දිනයේ අරගල භූමියේ වස් වසමින් රැඳී සිටින පූජ්‍ය ධම්ම සුජාත හිමියන් ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් අරගලකරුවන් සඳහන් කළේ අද දහවල් සහ පස්වරුවේ විරෝධතා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
















































