ගැට කපන්නෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තරුණයෙකු රෝහල්ගතකර ඇති බව වාර්තාවේ.
මෙම සිදුවීම පිළියන්දල සිට කහපොල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථක් තුලදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ගැට කපන්නන් දෙදෙනෙක්,කොන්දොස්තරවරයා හා තවත් මගියකු අතර ඇතිවූ බහින් බස් වීමක් මත මගියාහට පිහියකින් පහර දි ඇති අතර බසයේ සිටි ජනතාව කෝප වි ගැටකපන්නන් දෙදෙනාහට පහරදීමේදී එක් සැකකරුවකු පලා ගොස් ඇති බවත් අනෙක් සැකකරු පොලීසියට භාර දී ඇති බව සදහන් වේ.
සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.














































