ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් ආනයනයේ දී සිදුකළ බවට කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ගොනුකරන ලද පෙත්සමක් නොවැම්බර් මස 30 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
අදාළ පෙත්සම විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාදිපති රනිල් වික්‍රමසිංහ ,සාගල රත්නායක, ලිට්‍රෝ ගෑස් සමාගම ,එහි සභාපති මුදිත පීරිස් ඇතුළු පිරිසක් නම්කර ඇත.
එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 96කට සැපයීමට එකඟවී තිබියදීත් වගඋත්තරකරුවන් ගෑස් මෙට්‍රික් ටොන් 01ක් අමෙරිකානු ඩොලර් 129 බැගින් වෙනත් සමාගමකින් මිලදී ගැනීමට තීන්දු කළ බවත් ඒ තුළින් විශාල මහජන මුදල් අපතේ යෑමක් සිදුවී ඇති බවත් ය.
මෙනිසා මෙම අක්‍රමිකතාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසත් අදාළ ටෙන්ඩරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත.















































