මන්නාරම කොට්ටෙයි ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පිපිරී යාමෙන් මුළු නිවසම ගිනිබත් වී ඇත.
අදාළ නිවසේ ජීවත් වූ කාන්තාව විසින් මීට දින කිහිපයකට රැගෙන ගිය ගෑස් සිලින්ඩරය භාවිත කර උදෑසන ආහාරය සකස් කර ඇති අතර දහවල් ආහාරය සැකසීමට සූදානම් වූ අවස්ථාවේ දී මෙලෙස ලිප පුපුරා ගොස් ඇති බවට වාර්තා වී ඇත.
එහි දී හටගත් ගින්න ගින්න පැතිරයාම හේතුවෙන් කාන්තාව නිවසින් එළියට පැමිණ ගම්වාසීන්ගෙන් උපකාර ඉල්ලා ගින්න මැඩ පැවැත්වූව ද ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
අදාළ කාන්තාව ගින්න නිවීමට තැත් කරන අවස්ථාවේ දී ක්ලාන්ත වීම හේතුවෙන් මන්නාරම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මේ වන විට පොලිසිය පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.















































