ඊයේ (27) රාත්‍රියේ සිදු කළ විමර්ශනයක දී දෙමටගොඩ සිරිධම්ම මාවතේ දී විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ පතොරොම් අටක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.
සැකකරු අද (28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු දෙමටගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































