පානදුර බණ්ඩාරගම මාර්ගයේ එළුවිල මංසන්ධියේ පවත්වා ගෙන ගිය ත්‍රීරෝද රථ අමතර කොටස් වෙළදසැලකට ගෙන ආ අමතර කොටස් ගොඩ බාමින් සිටියදී වෙළදසැල් හිමියාගේ බිරිදගේ ගෙල බැදි රන් මාලය යතුරුපැදියකින් ආ සැකකරුවන් දෙදෙනෙකු විසින් කොල්ල කා පලා යන ආකාරය ඒ අසළ CCTV කැමරාවක සටහන්ව තිබූ බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව විසින් පානදුර දකුණ පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව කියයි.














































