ගොඩකවෙල නගරයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක අද උදෑසන හදිසි තත්ත්වයක් උද්ගතව ඇත.
ඒ ඊයේ (22) රාත්‍රියේ හොර රහසේම ඉන්ධන හළ තුළට ඇතුළු කරන ලද යතුරුපැදි කිහිපයක් හේතුවෙන් බව මේ වන විට වාර්තා වී ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පැමිණි පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට ද මෙහිදී අසාධාරණයට ලක් පිරිස විසින් පහර දී ඇති අතර කිසිවෙකුට ඉන් තුවාල සිදුව නොමැති බව සදහන් වේ.
කෙසේ නමුත් මේ වන විට තත්වය පාලනය කර ඇති අතර සාමකාමී වාතාවරණය හමුවේ යළි ඉන්ධන බෙදා දිමේ කටයුතු ද ආරම්භ කර ඇත.














































