ජනමාධ්‍යවේදය ගැන නොදත් පුද්ගලයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් මරා දැමීම් සිදුකර තිබෙන අතර විශාල ප්‍රමාණයකට පහරදිම්ද සිදු කර තිබේ.
නීතියට අනුව ජීවත් නොවන මෙන්ම, අශිෂ්ඨ ලෙස සමාජය විනාශ කරන්නන්ට පවා ඔවුන්ගේ මූලික අයිතීන් වෙනුවෙන් කතා කිරීමට සිටින එක් පාර්ශවයක් වන්නේ මාධ්‍යවේදීන්ය. ඔවුන් වැරදි කරන විට ඒවා විවේචනය කරමින් ඔවුන්ට හිතන්නට දෙයක් සමාජ ගත කරනුයේද මාධ්‍යවේදීන්ය. ඒ හැර කිසිම උගත් කිසිම මාධ්‍යවේදියෙකු පක්ෂ, පාට ජාති,ආගම් බේදයක් වෙනුවෙන් පෙනී නොසිටිමින් සියලු දෙනාම වෙනුවෙන් කටයුතු කරන්නේ සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් පමණි.
පසු පෙබරවාරි 14 වැනිදා මේර ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පහර දීම පිලිබඳව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට මේ වන තෙක්ම ශ්‍රී ලංකා පොලිසිය අසමත් විය. ඒ පිළිබඳවද විවිධ අදහස් සමාජය තුල ඇති වුයේ එම කාලයේදීමය. ඔහුගේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් ලබා දීම සදහා දුන් අධිකරණ නියෝගය පවා ඔවුන් ක්‍රියාත්මක කලේ බොහෝ කාලයකට පසුවය.
එම නඩුව අද (27) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වූ අතර ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා වින්ඳිත චමුදිත සමරවික්‍රම මහතා වෙනුවෙන් සිටිමින් කරුණු දැක්වීමෙන් අනතුරුව “වහාම මෙම පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට භාර දෙන ලෙස“ කැස්බෑව මහේස්ත්‍රාත් විසින් නියෝග කරන ලදී.
සියලු වැසියන්ට භියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබා දිය යුත්තේ රජය විසින් වන අතර රජය නියෝජනය කරමින්, ජනතාව අපරාධ වලින් ආරක්ෂා කිරීමේ සම්පූර්ණ බලය තිබෙන්නේ පොලිස් අධිකරණය නොහොත් මහේස්ත්‍රාත් අධිකරණයටයි. පොලිසිය නිසි ලෙස කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳව නිසි කටයුතු කිරීමේ සම්පූර්ණ බලය තිබෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයටයි.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ සමාජයේ ඇති වූ භීතිකාව සමනය කරමින් වැරදි කරුවන් අත් අඩංගුවට ගෙන එම භීතිය සමාජයෙන් තුරන් කිරීම වෙනුවෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුලින් ඉතාම හොදින් දැක ගත හැකි අතර, ශ්‍රී ලංකා පොලිසියේ සමහර නිලධාරින සිදු කරන සමහර නීතිවිරෝදී කටයුතු නිසා අධිකරණ පවා නොමග යවන අවස්ථා දැක ගත හැකි අතර එවැනි එක් සිද්ධියක් පසුගියදා රඹුක්කනදී අනාවරණය විය. ඒ අධිකරණයට ඉදිරිපත් කර තිබු “B” වාර්තාව ටිපෙක්ස් කර වෙනස් කිරීමයි.














































