මෙම වසරේ මුල් මාස 04ක කාලය තුළ දී ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 968ක ණය ආධාර ලබා දීමට කටයුතු කර ඇත.
ඒත් සමග මෙරට විශාලතම ද්විපාර්ශවික ණය හිමියා බවට චීනය අභිබවා යමින් ඉන්දියාව පත්ව ඇති බව වාර්තා වේ.
2017 වර්ෂයේ සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශවික ණයහිමියා වූ චීනය එම කාල පරිච්ඡේදය පුරාවට මෙරටට ලබා දී ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 947කි.















































