පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද පත්‍රිකා හා අනෙකුත් ලියකියවිලි මුද්‍රණය සදහා රුපියල් කොටි 15කට වැඩි මුදලක් වැයවී ඇති බවයි මුද්‍රනාලාධිපතිනිය වන ගංගානි ලියනගේ විසින් පවසා ඇත්තේ.
එසේ මුද්‍රණය කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා හා අනෙකුත් ලියකියවිලි නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කර ඇති බවයි ඇය විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ.
පළාත් පාලන ඡන්ද විමසීම සම්භන්දව සියලුම මුද්‍රණ කටයුතු මේවන විට නවතා ඇත්තේ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදෙන නිසාවෙන් බවයි එතුමිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.














































