මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක එම තනතුරෙන් නෙරපීමේ ඡන්ද විමසීම් අවස්ථාවට නොපැමිණීම සම්බන්ධව රාජිත සේනාරත්න සහ වඩිවල් සුරේෂ් යන මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීම සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගය එම මන්ත්‍රීවරු දෙදෙනා සම්බන්ධව කරුණු විමසීමේ ලිපි ඊයේ (29) ඔවුන් වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවති පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තු පැමිණීම සමගි ජන බලවේගය විසින් සිය මන්ත්‍රී කණ්ඩායමට අනිවාර්‍ය කර තිබිණි.
එසේ පවතිද්දී මෙම අවස්ථාවේ මග හැරිය රාජිත සේනාරත්න විශේෂයෙන්ම මින් පෙර අවස්ථා කිහිපයක දී පක්ෂයේ විනයට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධව ද අවධානය යොමු වී තිබේ.
ඉදිරියේ දී මේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධව නිසි විනය පරීක්ෂණයක් කර ගත යුතු පියවර ගන්නා බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලංකාසර ට පැවසීය.
( ලංකා සර )














































