විහිළු තහළු සමගින් විනෝද සමයෙන් රටක් හිනැස්සු ප්‍රවීණ කළාකරු බර්ටි ගුණතිලක මහතා මීට සුළු මොහොතකට පෙර දිවි සැරිය නිම කර තිබේ.
50 ස් වසරකට වැඩි කාලයක් සිරිලක කළා ක්ෂේත්‍රය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කල ඒ මහතා සමග සිනා සාගරයක රටේ රසික ප්‍රජාව තබන්නට සමත් වූ සැමුවෙල් හා ඇනෙස්ලි යන මහත්වරුන්ද මිය ගොස් ඇති අතර ඉතිරිව සිටියේ ගුණතිලක මහතා පමණි. තම දිවියේ සැදා සමයේදී නිහඩ ජීවිතයක් ගත කල ඒ මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල වේරහැර ගමේ තම විවාහක නොවූ දියණිය සමග ජීවත් විය. දරුවන් 4 දෙනෙකුගේ පියෙක් වූ ඒ මහතාට අපි ද නිර්වාන සුවය පතන්නෙමු














































