ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණු සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවට පැමිණීමේ අරමුණින් අද (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බවට නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළ බව වාර්තා වේ.
ඔහු පවසන්නේ, විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද ඉදිරියේ දී සාකච්ඡා කරන බවයි.
නිදහස ජනතා සභාවේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් අතර මෙම හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්වූ බව සදහන්.














































