ඩීසල් ලීටර් 19,000ක ප්‍රමාණයක් නීති විරෝධී ලෙස ගොඩගසාගෙන සිටි පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙම ඩීසල් තොගය හම්බන්තොට වරාය ආසන්නයේදී සොයාගෙන ඇත.
අදාළ ඩීසල් තොගය අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට තිබූ ඒවා බවට වාර්තා වේ.













































