ලෝක ආර්ථිකයේ ධනවත්ම මුදල් ඒකකය වන අමෙරිකානු ඩොලරය අභියෝගයට ලක් කරමින් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට බ්‍රික්ස් රටවල් එකතුව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව හා චීනය යන ලෝකයේ ධනවත් රාජ්‍යයන් හතරකින් සමන්විත බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත බව සදහන්.
එම නව මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අතිශයින් වෙනස්කම් දක්වන මූල්‍ය ඒකකයක් වන අතර එහි වටිනාකම රත්තරන් මත පදනම්වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බ්‍රික්ස් සංවිධානය නැඟී එන වෙළෙඳපොළ ආර්ථිකයේ බලවත් සංවිධානයක් බවට පත්ව ඇති අතර ලෝකයේ රටවල් රැසක් එම සංවිධානය සමඟ එක්වීමට සුදානමින් ඇති බව ද විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.













































