මෙරට ඉන්ධන අර්බුදයට සහන සැලසීමේ අරමුණින් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත.
මෙම ගිවිසුම වෙත ඉන්දියානු එක්සිම් බැංකුවේ නියෝජිතයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා අත්සන් තබා ඇති අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ එම අවස්ථාවට එක්ව ඇත.
“අවැසි මොහොතක සිටින මිතුරා සැබෑම මිතුරෙකි!” ලෙස සටහනක් දඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ට්වීටර් සටහනක් ද තබා ඇත.













































