තමිල්නාඩුවේ සරණාගත කදවුරු 3ක රැදී සිටි ලාංකිකයන් 6දෙනෙකු නවසීලන්තයට පලා යාමට උත්සාහ කිරීමේදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තමිල්නාඩු පොලිසියේ කියුබ්‍රාන්චි ශාඛාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
අදාල පුද්ගලයන් බෝට්ටුවක් මාර්ගයෙන් නවසීලන්තයට පලා යාමට උත්සාහ දරා ඇති අතර ඔවුන් තූත්තුකුඩ් දිස්ත්‍රික්කයේ කෙරවපල්ලි ,වෙල්ලෝර් දිස්ත්‍රික්කයේ ගුඩ්මල්ලූර් කදවුරේ රැදී සිටි සරණාගතයින් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔවුන් තමිල්නාඩුවේ පුම්පුහාර්හි බෝට්ටු හිමිකරුවෙකුට අත්තිකාරම් මුදලක් ලබා දී බෝට්ටුවක් මිලදී ගැනීමටද කටයුතු කල බව පොලිසිය විසින් සිදු කල මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සදහන් වේ.















































