ඊයේ (9) දින සිට තීරු බදු සහනය යටතේ විදේශ ගත ශ්‍රමිකයන් සදහා ගෙන්වන ලද විදුලි වාහන ආනයනය ආරම්භ කල අතර එම වාහන මේවන විට රේගුවෙන් නිදහස් කිරීමේ කටයුතුද අරභා ඇති බවයි වාර්තා වන්නේ.
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීමේදී එම එවන මුදලෙන් බාගයක වටිනාකම සහිත විදුලි වාහන ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කොට ඇත්තේ.
ඒඅනුව පසුගිය වසර අවසානය වන විට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475ක් දක්වා වර්ධනය වී ඇති බව ඒ මහතා සදහන් කර තිබේ.
මෙලෙස මෙම වාහන ගෙන්වීමේදී ගෙවනු ලබන බදු මුදල් විදේශ මුදල් ඒකකයකින් ගෙවීම සිදුකල යුතු බව පැවසේ.
විදේශ ගත ශ්‍රමිකයන්ගේ වැඩි උනන්දුවක් මේ සදහා ඇති බව අමාත්‍ය වරයා සදහන් කර තිබේ.














































