තුර්කි විදේශ කටයුතු අමාත්‍ය Mevlut Cavusoglu මහතා අද (28) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.
ඒ අනුව අද (28) උදෑසන විදේශ කටයුතු අමාත්‍යවරයා සමග තවත් 13 දෙනෙකුගෙන් යුක්ත දූත පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ඔවුන් පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
එක්දින නිල සංචාරයක් සඳහා පැමිණි තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ දිවයිනෙන් පිටව යාමට නියමිතව ඇත.















































