රාජ්‍ය ආයතන මහජන මුදලින් භාණ්ඩ හා සේවා මිලදී ගත යුත්තේ ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහයේ උපදෙස්වලට අනුවය. 2006 අංක 49 දරණ එම උපදෙස් සංග්‍රහය හදුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් වන අතර සමස්ථ රාජ්‍ය ප්‍රසම්පාධන ක්‍රියාවලියම දුෂිත වුයේ මෙම පනත මගිනි.
කෙසේ වෙතත් මෙම පනතට අනුව භාණ්ඩ සහ සේවා මිලදීගැනීමට පෙර කල යුතු කටයුතු රාශියක් පෙන්වා දී තිබේ. එයින් වැදගත්ම කොටස වන්නේ මිලදී ගැනීමට බලාපොරොත්තු වන භාණ්ඩ සහ සේවා වෙනුවෙන් මුල්ම අවස්ථාවේදී මුදල් වෙන් කිරීමයි. එසේ කිරීමෙන් ප්‍රමාද ගාස්තු ආදී විවිද හේතු නිසා රාජ්‍ය මුදල් දුසණය වීම නවතී. එසේ දුෂණය වන්නේ නම් වගකිව යුත්තේ අදාල ආයතන ප්‍රධානීන්ය.
එසේ මුදල් වෙන් නොකර රැගෙන ආ ඉංධන නැව් වෙනුවෙන් මේ වන විට ඩොලර් බිලියන ගණන් ගෙවා තිබේ. මේ වන විටත් එවැනි තවත් ඉංධන නැවි 4 ක් මුදල් ගෙවන තෙක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන වාර්ථා වේ. එහි ඩීසල් නැව් දෙකක්, පෙට්‍රල් නැවක් සහ බොරතෙල් නැවක් මෙසේ රැදී සිටින අතර ඩොලර් මිලියන එකසිය පනහක් පමණ අවශ්‍ය බවද වාර්ථා වේ.













































