දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසියේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සිය සමුගැනීම සනිටුහන් කර ඇත.
ඒ අනුව කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් මෙලෙස සිය ටෙස්ට් දිවියට සමුදීමට තීරණය කර ඇත්තේ සිය පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් බවයි ඔහු ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ඔහු සිය තීරණය ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලැබූ ටෙස්ට් පරාජයෙන් සුළු මොහොතකට පසුව දකුණු අප්‍රිකාණු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර එය විශේෂත්වයක් ගෙන දී ඇත.
එමෙන් ම ඔහුගේ බිරිඳ වන ශාෂා මේ වන විට සිය පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වේ.
ඔහු සිය අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ , “ මගේ පවුල තමයි හැමදේම මට.ඔවුන් සමග වැඩිකාලයක් ගත කිරීමට මට අවස්ථාව ඕනේ.අපේ ජීවිතයේ අලුත් සහ සුවිශේෂි පරිච්ඡේදයක් අභියසයි අපි ඉන්නේ”
ඔහු සිය ක්‍රිකට් දිවියේ මේ වන විට ටෙස්ට් තරඟ 54කදී ලකුණු 3,300ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 38.82ක් වේ.
එමෙන්ම ඊට ශතක 06ක් සහ අර්ධ ශතක 22ක් ද අතුලත් වේ.













































