ශ්‍රී ලංකාවේ දේවාල, විහාර, දාගැබ්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර රුවන්වැලි මහාසෑය ආදී බෞද්ධවැ ජනතාවගේ වන්ධනීය ස්ථානවලට බෞද්ධ නමින් පෙනී සිටින විනශාකාරින් දැවැන්ත විනාශයක් සිදුකර තිබේ. එම සියලු විනාශයන් දිගින් දුගටම සිදු වුවත් ඒවාට විරුද්දව නිතිය ක්‍රියාත්මක කිරීමට දේශාපලන බලවේගයන් ඉඩ ලබා නොදෙන බවද, පොලිසිය ඇතුළු වගකිව යුතු රාජ්‍ය නිලධාරින්ද ඒවාට නිහඩ බවද, ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම පාහේ නිහඩ බවද, පැහැදිලිය. එවැනි වටපිටාවක් තුල එම බොහෝ වංචා දූෂණ අක්‍රමිකතා පිලිබදව සාක්ෂි සහිතව අනාවරණය කිරීමට ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ නොහොත් ජි පී නිශ්ශංක මහතා කටයුතු කරන ලද අතර ඔහුට මරණීය තර්ජනද එල්ලව තිබේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිදුව තිබෙන වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා පිලිබදව සාක්ෂි සහිතවම අනාවරණය කිරීමට කටයුතු කරන ලද්දේ ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා විසිනි. ශ්‍රී ලංකාවේ ජනධිපතිවරයා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවා නිහඩව සිටියදී ඔහු විසින් සියල්ලම සාක්ෂි සහිතවම උපක්‍රමශීලිව අනාවරණය කරන ලදී.
එම අනාවරණයන් වලින් තමන්ගේ කීර්තිනාමයට හානි සිදු වූ බැව් සදහන් කරමින් නීතීඥයෙකුගේ මාර්ගයෙන් ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා වෙත එන්තරවාසියක් යොමු කර තිබෙන්නේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසිනි.. ඒ රුපියල් මිලියන 500 ක් වන්දි ලබාදෙන ලෙස ඉල්ලමිනි.
එම එන්තරවාසියට පිළිතුරු ලබා දෙමින් , ඔහුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට බාදා කරමින් මහනුවර පොලිසියට කැදවීම නිසා මිලියන 50ක්ද, ඔහුගේ ආගමික ලබ්දියට සිදුකල හානිය වෙනුවෙන් සිදු වූ අලාභය රුපියල් මිලියන 500 ක් ද, ද්වේශ සහගතව සිදුකල ක්‍රියාවලියට රුපියල් මිලියන 500 ක්ද ගෙවන ලෙස ඔහුගේ උත්තරයේ සදහන් වේ. මෙම නඩුව සුවිශේෂි නඩුවක් බවට පරිවර්තනය වීමට ඉඩකඩ තිබෙන්නේ බෞද්ධ ජනතාවට සිදුකල අගතිය වෙනුවෙන් රුපියල් බිලියන ලක්ෂයක් බෞද්ධ ජනතාවට වන්දි ලෙස රජයට ගෙවන ලෙසද එහි සදහන් වීමයි.
කෙසේ වෙතත් මේ වන විටත් ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා නඩුවට අවශ්‍ය සියලුම ලේඛණ සකසා අවසන් බවද, මෙම මාද්‍ය ආයතනයේ ප්‍රධාන කතෘ වෙත ලිකිතව දන්වා තිබේ. කෙසේ වුවත් මෙම නඩුව අවුරුදු 20 ක්වත් අධිකරණය තුල විභාගවෙනු ඇති බව අපගේ නීති නිලධාරියා සදහන් කරන ලදී. එසේම අධිකරණ තීන්දුව ගැන කිසිවක් ප්‍රකාශ කල නොහැකි වුවත් ප්‍රසිද්ධියට පත්කර තිබෙන ලේඛන මත මෙම වැඩසටහන් සිදුකර තිබෙන නිසා සහ සියලුම ප්‍රකාශයන් සඳහා අවශ්‍ය සාක්ෂි තිබෙන නිසා නඩුවේ අවසානයේදී සිවිශේෂී නඩු තීන්දුවක් ලබා ගැනීමට හැකියාව ඇති බවද සදහන් කරන ලදී.
මායාදුන්න මහතාගේ එන්තරවාසිය පහලින් බලන්න.
එන්තරවාසියයි
ඉහත ලිපිනයේ පදිංචි ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ නොහොත් ජි පී නිශ්ශංක මා අමතා මහනුවර, ධර්මපාල මාවත, දියවඩන නිළමේ නිල නිවස යන ස්ථානයේ පදිංචි බව සදහන් ප්‍රදීප් නිළංඟ දෑල නමැති අයගේ උපදෙස් සහිතව ඒවා ඇති එන්තරවාසියට පිළිතුරු ලෙස මෙම එන්තරවාසිය ඔබ වෙත යොමු කෙරේ.
ඔබ විසින් යොමු කර ඇති එන්තරවාසියේ සදහන් ඔහුගේ විවිධ කීර්ති නාම හෝ අධ්‍යාපන කටයුතු හෝ ඔහුගේ විවිධ තනතුරු හෝ කිසිවක් මා නොදන්නා බැවින් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරමි.
එසේම ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සිදුකර තිබෙන සම්මුඛ සාකච්චාවේදී සිදුකර තිබෙන වංචා දූෂණ අක්‍රමිකතා සියල්ලම මීට පෙර සමාජ මාධ්‍ය මෙන්ම පිළිගත් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබෙන කාරනා සහ ලිඛිත සහ වාචික සාක්ෂි මත පදනම්ව සිදු කර තිබේ. එසේම සමහර එළිදරව් වල ඔහු විසින්ම ඔහුගේ කීර්තිනාමයට හානි සිදුකරගෙන තිබේ. එසේම ඔබගේ සේවා දායකයා ඔබ වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ සත්‍ය කරුණු වසන්කරමිනි.
එබැවින් ඔබගේ ලිපියේ සදහන් සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔහුගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා වලට එරෙහිව මා පොලිස් මූලස්ථානය වෙත පැමිණිලිකර තිබෙන අතර රජයේ මැදිහත් වීමෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කිරීමට මේ වන විටත් කටයුතු කරමින් තිබේ. එසේම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමටද අවශ්‍ය ඉල්ලීම් මේ වන විටත් මා විසින් සිදුකර තිබෙන අතර ඒ සදහා සුභවාදී පිලිතුරුද ලැබී තිබෙන බව ඔබ වෙත දන්වා සිටිමි.
එසේම මා සියලුම කටයුතු සිදු කරනු ලැබුවේ ඕනෑම නඩුවකට පෙනී සිටිමට සූදානම්ව බවද, මෙම නඩුව සදහා මා සූදානම් වුයේ ඔහු මට විරුද්ධව මහනුවර පොලිසිය වෙත කරනු ලැබූ ද්වේශ සහගත පැමිණිල්ල යෙදීමත් සමගම බවද මා ඔබ වෙත දන්වා සිටිමි.
එසේම මෙම එන්තරවාසිය යොමු කර තිබෙන්නේද සාමාන්‍ය සම්ප්‍රධායෙන් සහ ආචාරධර්මවලට පටහැනිව පිළිතුරු ලබා දීමටවත් නිසි කාලයක් ලබා නොදී දින 7 ක කාලයක් ලබා දී ඉතාම ද්වේශ සහගත ලෙස සහ වෛරී සහගත ලෙසය. තවද මෙම එන්තරවාසිය යොමු කිරීමෙන් ඔහුට විරුද්ධව නීතිමය වශයෙන් සිදුකරගෙන යන කටයුතුවලට බාධා සිදුකර තිබෙන අතර මේ මගින් අයුතු අවහිරය සහ අයුතු බලහත්කාරය සිදු කර තිබේ. තවද ඔහුගේ අපරාධ මෙන්ම වංචා දූෂණද, ලෝකවාසි බෞද්ධ ජනතාවට එරෙහිව සිදුකර තිබෙන අපරාධයන්වලින් ඔහුට ලැබීමට තිබෙන අපරාධමය දඩුවම් වලින් බේරීම සදහා මට විරුද්ධව කටයුතු කරන බවද, එය කූට උපක්‍රමයක් බවද ඔබගේ සේවාදායක වෙනුවෙන් ඔබ වෙත දන්වා සිටිමි. .
එබැවින් ඔබගේ සේවා දායක වන ප්‍රදීප් නිලංග දෑල යන අය විසින් මගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට බාධා කරමින් කරමින් 2021 වර්ෂයේ මහනුවර පොලිසියට කර තිබු ද්වේශ ද්වේශසහගත පැමිණිල්ලෙන් මා දැඩි චිත්ත පීඩාවට ලක් වූ අතර එයින් ඇති වූ පාඩුව රුපියල් මිලියන 50 කට තක්ෂේරු කරමි. ඒ අනුව එම මුදල අය කර ගැනීමට නඩු පැවරීම සදහා නඩු නිමිත්තක් උපචය වී ඇති බවද දන්වා සිටිමි.
එසේම මා සතුව තිබෙන ලිඛිත, වාචික, විද්‍යුත් සහ සාක්ෂි ආඥාපනතේ විධිවිධාන මත අධිකරණමය කටයුතු වලදී පිළිගන්නා වෙනත් විද්‍යාත්මක සාක්ෂිද මත මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි පාලකයා ලෙස වැරදි රාශියක් සිදුකර තිබේ. එම වැරදි සියල්ලම ශ්‍රී ලංකාවේ පවතින නීතින් වලට පටහැනි අතර බෞද්ධ දර්ශනයටද පටහැනිය. ඔහුගේ එම ක්‍රියාවලින් නිසා මා බෙහෙවින ආදරය කරන මාගේ ආගමට දැඩි ලෙස හානි සිදු වී තිබේ. එයින් මාගේ ආගමික ලබ්දියට සහ ආගමික අයිතියට දැඩි පහරක් එල්ල කර තිබෙන අතර එයින් මට මෙන්ම ලෝක වාසි බෞද්ධ ජනතාවට සිදුකර තිබෙන හානිය මිල කර නොහැක. නමුත් මාගේ ආගමික ලබ්දියට සිදුකර තිබෙන හානිය රුපියල් මිලියන 500 ක් ලෙස තක්ෂේරු කරන අතර එය ලබා ගැනීමට නඩු පැවරීමටද නඩු නිමිත්තක් ජනිතව තිබේ.
එසේම යහපත් රටක් නිර්මාණය කරගනිමින් ශ්‍රී ලංකාවට යහපත් පුරවැසියන් බිහිකිරීමේ භාරදූර කටයුත්ත සිදුකිරීම වෙනුවෙන් මේ වන විට සිදුකරගෙන යනු ලබන අපරාධමය නඩු පැවරීමේ කටයුතු නැවැත්වීම සදහා මෙන්ම බියට පත්කිරීම සදහා ඉතාම කෙටිකාලයක් තුල නඩු පැවරීමේ කූට උපක්‍රමය නිසා ද ඇති වූ චිත්ත පීඩාව මෙන්ම ව්‍යාකූලභාවය අති මහත්ය. එබැවින් ඔබගේ සේවාදායකගේ මෙම ද්වේශ සහගත ක්‍රියාවලිය නිසා මට ඇති වූ අලාභය රුපියල් මිලියන 500 කට තක්ෂේරු කරන අතර එය අය කරගැනීම සදහා නඩු පැවරීමටද නඩු නිමිත්තක් ජනිතව තිබේ.
තවද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 (1) වගන්තියට අනුව බෞද්ධාගම සුරකෂා කර පෝෂණය කල යුතුය. බෞද්ධ අපගේ මුදුන් මල්කඩ වන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවයි. නමුත් එහි ගිහි බාරකරු ලෙස ඔබගේ සේවා දායක බුදු දහම විනාශ කිරීමට කටයුතු සලස්වමින්, නීති රේගුලාසි වලට පටහැනිව යමින් ශ්‍රී ලාංකික ජනතාවගේ ආගමික ලබ්දියට හා ගෞරවයට හානිකරමින් බෞද්ධ දර්ශනයට පටහැනි ලෙස කටයුතු කිරීම නිසා ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සිදුකර තිබෙන පාඩුව, චිත්ත පීඩාව මෙන්ම ආගමික විස්වාසයන් විනාස කරමින් ජන ජීවිත වලට සිදුකර තිබෙන හානිය රුපියල් බිලියන 100000 ( රුපියල් බිලියන ලක්ෂයක්) කට තක්ෂේරු කරන අතර එය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව වෙනුවෙන් රජයට අය කරවාදීමටද නඩු නිමිත්තක් ජනිතව තිබේ.
එබැවින් ඔබගේ සේදායකගේ එම ක්‍රියාවලින් සිදුව තිබෙන සමස්ථ පාඩුව, සහ අලාභය පළමුවන නඩු නිමිත්ත වෙනුවෙන් රුපියල් මිලියන 50 ක්ද, දෙවෙනි නඩු නිමිත්ත වෙනුවෙන් රුපියල් මිලියන 500 ක්ද, තෙවැනි නඩු නිමිත්ත වෙනුවෙන් රුපියල් මිලියන 500 ක්ද, හතරවන නඩු නිමිත්ත වෙනුවෙන් රුපියල් බිලියන 100000 ( බිලියන ලක්ෂයක්) ඔබගේ සේවා දායකයා ප්‍රදීප් නිලංග දෑල යන අයගෙන් අය කරගැනීමට ද, පවතින අලාභයක් සහ නඩු ගාස්තුද අය කරගැනීමට සිදුව තිබේ.
එබැවින් මෙම එන්තරවාසිය ලැබී දින 14 ක් ඇතුලත ඉහත කී සම්පූර්ණ මුදල් මටත්, රජයටත් ගෙවීමට කටයුතු කරන ලෙසද, එසේ නොගෙවන්නේ නම් එම සියලුම මුදලුත්, පවතින අලාභයත්, නඩු ගාස්තුත් ඉල්ලා ඔබගේ සේවා දායකයාට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කර අවසන් බවත් කාරුණිකව දන්වා සිටිමි.
සිද්ධිගත වීඩියෝව .














































