ඊයේ (20) සවස් කාලයේ සීදුව පොලිස් වසමේ ලියන්ගේමුල්ල ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක එම කාන්තාව ගැටී ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ලියන්ගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.














































