නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයින් හත් දෙනෙකු වන්නකාල වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 5ක් පමණ දුරින් පිහිටි මුහුදේ දී වන්නකාල කදවුරේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී විදුලි නොවන ඩෙටනේටර් 18 ක් , වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය ජරල් 10ක් , අඩි දෙක හමාරක පමණ දිග සේවා නූලක්දසොයා ගත් බව සදහන් .














































