නවගමුව පොලිස් වසමේ පත්තිනියාවත්ත ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමකගේ දේහයක් චිතකයක ගිනිගනිමින් තිබියදී ඊයේ (20) සොයාගෙන ඇති බව වාර්තා වේ.
උන්වහන්සේ ඊයේ දින සවස 3.15 ට මෙලෙස අපවත්වන බව දිනපොතක සටහන් තබා ඇති බව වාර්තා වේ.
වර්ෂ 2004 දී මහණ දිවියට පත් උන්වහන්සේ අමිත අරණ නම් අක්කර එකහමාරක් වන අසපුවක වැඩ සිට ඇති අතර මින් පෙරද එම අසපුව අසල චිතකයක් සාදාගෙන සිට ඇති බව සදහන්.
එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදී නව චිතකයක් ආවාස ගෙය අසලම ඉදි කරගෙන තිබී ඇතැයිද එම චිතකය මත හිද ගිනි තබාගෙන ඇතැයි සිදු කළ මූලික පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරින් පරීක්ෂණ පවත්වනු ලබයි.














































