අසීමිත නිදහස තුළින් ජනතාව අසීරුතාවයට පත් වන්නේනම් ඊට ඉඩ ලබාදීමට රජයට නොහැකි බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ තිබෙන අහිතකර තත්ත්වයන් මෙන්ම රටේ නීතිය ආරක්ෂා කර ගනිමින් පාලනය ගෙන යාමේදී රජයකට විවිධ තීන්දු තීරණ ගැනීමට සිදු වන බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම් අස්ගිරි මහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදී ධම්මදස්සි හිමි විසින් ප්‍රකාශ කර තිබේ.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි,
“මෙහි දුබලතා තිබෙන්නේ නම් පාර්ලිමේන්තුව තුළත් ඒ පිළිබඳව හඬ නංවලා මේක නුසුදුසු නම් ඔබතුමන්ලාට තමයි ප්‍රධාන කාර්යභාර්ය පාර්ලිමේන්තුවේ තියෙන්නේ, මොකද අපි කවුරුවත් පාර්ලිමේන්තුවේ නැහැ. මෙහි මූලික අපේක්ෂාවන් බලනකොට සමහර සමහර දේවල් එකපාරටම නුසුදුසුයි කියලා කියන්නත් බැහැ. නිදහස පමණට වඩා භුක්ති විඳින්න ගිහිල්ලා රටේ අවුල් ඇති වෙනවා නම් විවිධාකාර විදිහේ ගැටලුසහගත තත්ත්වයන් රජයට හා ජනතාවට ඇති කරනවා නම් ඒ සියල්ලකටම රජයකට ඉඩදීලා ඉන්න පුළුවන්ද කියලා ප්‍රශ්නෙත් තියෙනවා. නැත්නම් රජයක් කරන්නට බැහැ. රටක් ගෙනියන්න බැහැ. රටේ නීතිය ආරක්ෂා කරගෙන රාජ්‍ය පාලනය ගෙන යාමේදි රජයකට යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න සිද්ද වෙනවා. දැන් ඔබතුමාලා ඉතිං රජය පැත්තේ නෙමෙයි ඉන්නේ කියන එක අපි හොඳට දන්නවා. ඒ හැර රටක පාලනය සඳහා ආරක්ෂාව සඳහා රාජ්‍ය ත්‍රන්ත්‍රයට විරෝධී වීමේ යම් යම් බාධක ගැටලුසහගත තත්ත්වයන් සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් අලුත් කරලා හරි ගැනීමේ අවශ්‍යතාව තියෙනවා කියලත් අපි පිළිගන්නවා.”














































