රජය විසින් මහ කන්නයේදී ගෝවීන්ගෙන් මිල දී ගන්නා වී සහල් කොට ඒවා අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 කට මාස දෙකක් නොමිලේ සහල් ලබා දීම හෙට (27) සිට ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මෙම සහල් ලබා දෙන එක් පවුලක් සදහා මසකට සහල් කිලෝ 10 බැගින් මාස 2ක් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරන ලදී .
ගම්පහ , කොළඹ , මහනුවර , කළුතර , ගාල්ල , මාතර , රත්නපුර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට මෙම සහල් බෙදා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සදහන් කරන ලදී.














































