උස්වැටකෙයියාව හා මීගමුව අතර මුහුදු ප්‍රදේශයේ දින කිහිපයක සිට සැරිසරන විශාල ගැට කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අල්ලාගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් චෝදනා කළේ මෙම ගැට කිඹුලාගෙන් ඔවුන්ගේ ධීවර කටයුතුවලට විශාල බලපෑමක් සිදු වූ බවයි.
මේ සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්ත ද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොවූ බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
අනතුරුව ඊයේ (31) පස්වරුවේ අදාළ කිඹුලා පමුණුගම වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් කිඹුලා අල්ලාගැනීමට කටයුතු කර ඇත.
අඩි 10ක් පමණ දිගැති ගැහුණු ගැට කිඹුලෙක් මෙසේ අල්ලාගෙන ඇති බව වාර්තා වේ.
එම කිඹුලා අල්ලා ගැනීමෙන් පසු රැගෙන යන ලෙසට ඊයේ (31) රාත්‍රී 08.30 ට පමණ වනජීවි නිලධාරීන් දැනුවත් කළද වනජීවි නිලධාරින් කිඹුලා රැගෙන යාමට පැමිණ ඇත්තේ අද (01) අලුයම් කාලයේ දී බව ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
















































