මව හා පියා අතර ආරවුලක් මත මව නිවසින් පිටව ගොස් සිටියදී පියා විසින් දරුවන් තිදෙනාට වස පොවා තමාද වස පානය කර ඇති පුවතක් ගම්පොල, දැල්පිටිය, සෙවනක් ජනපදයෙන් වාර්තා වේ.
ඊයේ (7) දින රාත්‍රී 10ට පමණ 40 හැවිරිදි පියා විසින් වයස අවුරුදු 13, 7 යන වයස් වල පසුවූ ගැහණු දරුවන් දෙදෙනාට හා වයස අවුරුදු 4 ක් වන පිරිමි දරුවා හට පැනිබීම සමග කවලම් කොට වස පොවා පියාද මත්පැන් සමග වස පානය කොට ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන ඇති බව පැවසේ.
වස ශරීර ගත වීම හේතුවෙන් අසාද්‍ය තත්වයේ පසුවූ සිවු දෙනා ගම්පොළ රෝහල වෙත ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට වසපානය කිරීමට පෙර පියා දරුවන්ගේ හා මවගේ චායාරූප බලමින් කල්පනා කරමින් සිට තිබේ.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














































