අකුරැස්ස ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පොරොවකින් පහරදී ඝාතනය කළ පුවතක් වාර්තා වී ඇත.
දියණිය සහ බෑනා අතර ඇති වූ ආරවුලකට මැදිහත්වීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව අදාළ බෑනා විසින් ඊයේ (17) රාත්‍රියේ මෙම පුද්ගලයාට පහරදීම සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වන ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ම පදිංචිව සිටි පුද්ගලයෙකි.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව අදාළ සැකකරු පළාගොස් ඇති අතර අකුරැස්ස පොලිසිය විසින් සැකකරු සොයා වැඩිදුර විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.