අද දිනයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු විය හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ ,අද සිට සති අන්තය දක්වා කැළණිය පැරණි දුම්රිය මාර්ගයේ මංතීරුවක සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
මේ නිසා මංතීරු දෙකක පමණක් දුම්රිය ධාවනය සිදු කරන බවට දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන් .ජේ ඉදිපොළගේ මහතා සදහන් කරන ලදි.














































