පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් පෙරළීමෙන් බිබිල ප්‍රදේශයේ දී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පාසල් ළමුන් 14 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
බිබිල කනුල්වෙල මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙසේ අනතුරට ලක්ව ඇත.
අද (09) උදෑසන ක්‍රීඩා උළෙලකට සහභාගී වීම සඳහා වෙල්ලස්ස ජාතික පාසලට ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වේ.
ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අපහසු අවස්ථාවක මෙසේ පාසල් ළමුන් ලොරි රථයේ ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.















































