පිත්තල කර්මාන්තය සදහා දැනට අමුද්‍රව්‍ය සපයා ගැනෙන දේශීය ආයතන මගින් ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය නොලැබෙන බැවින් රජයේ මැදිහත්වීම මත සෘජු ආනයන සිදුකිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී ඇති බවත්, එවිට අතරමැදියන්ගෙන් තොරව අවම මිලට පිත්තල සැපයීමේ හැකියාව ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.
මධ්‍යම පළාතේ වෘත්තීය පිත්තල කර්මාන්තකරුවන් සඳහා පිත්තල සහ දැවිතෙල් යන අමුද්‍රව්‍ය පහසුවෙන් සම්පාදනය කිරීමේ නව වැඩපිළිවෙලක් රජය මගින් දියත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවැසීය.
පිළිමතලාව, උඩුදුම්බර සහ කලාපුරය ඇතුලු මධ්‍යම පළාතේ පිත්තල කර්මාන්ත ගම්මාන සඳහා ප්‍රමාදයෙන් තොරව අමුද්‍රව්‍ය සම්පාදනය කළ හැකි බව ඒ මහතා කීවේය.
උඩුනුවර පිත්තල කර්මාන්තකරුවන්ගේ ගැටලු සඳහා විසදුම් ලබාදී සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය දා (01) පැවැති විශේෂ සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.
දැනට පවතින මිල අනුව මධ්‍යම පළාතේ නිෂ්පාදන කර්මාන්තකරුවන් 110 දෙනෙකු සඳහා මසකට පිත්තල මෙට්‍රික් ටොන් 15ක් අවශ්‍ය බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. ජාතික ශිල්ප සභාව සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ටෙලිකොම් වැනි ආයතන වෙතින් පිත්තල තොග ලබාගෙන තිබුණත් ඒ ඒ ආයතන වෙතින් ලැබෙන පිත්තල තොග ප්‍රමාණවත් නොවීම නිසා පිත්තල සෘජු ආනයනයක් සඳහා යොමුවිය යුතු බව මෙහිදී තීරණය විය.
කර්මාන්තකරුවන්ට පිත්තල හා දැවි තෙල් සම්පාදනයේදී කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සක්‍රීය දායකත්වයක් ලැබී නොමැති බැවින් එම කාර්යය මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවට පවරාදිමට පියවර ගන්නා බව ද ආණ්ඩුකාරවරයා එහිදී ප්‍රකාශ කළේය. ජාතික ශිල්ප සභාව ඒ සම්බන්ධයෙන් දක්වන දායකත්වය ඒ අයුරින්ම පවත්වා ගන්නා ලෙස ද ඒ මහතා එහිදී උපදෙස් දුන්නේය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, මධ්‍යම පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්වරු ඇතුලු පිරිසක් මේ සඳහා එක්වූහ.
( සරත් සමරනායක )














































