අද (14) අලුයම කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් සියදිවි හානිකරගෙන තිබේ.
එම රෝහලේ සිව්වන මහළෙන් බිමට පැන මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක් වන පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි අයෙකි.
මාස 03ක පමණ කාලයක සිට මොහු උගුරේ ඇති වූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.
අද අලුයම 03ට පමණ මොහු රෝහලේ ජනෙල් කවුළුවකින් බිමට පැන මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් මෙම රෝගියාගේ වාට්ටුව තුළ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් විසින් පොලිසිය වෙත කරන ලද දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය මෙම ස්ථානයට පැමිණ දේහය මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොහුවල පොලිසිය සිදු කරයි.














































