පවතින අරගලකාරී තත්වය තුල ඇතිව තිබෙන පීඩණය හේතුවෙන් කොල්ලුපිටිය පොලිස් ස්තානාධිපතිවරයා අසනීප නිවාඩු දමා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව විස්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගේ නික යාමත් සමගම පරිපාලන කටයුතු පිළිබදව භාර ස්ථානාධිපතිවරයාට රාජකාරී බාරගන්නා ලෙස උසස් නිලධාරීන් උපදෙස් දී ඇති වුවත් ඔහුද එය ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ.
කොළඹ තිබෙන අර්ඝලකාරී තත්වය හේතුවෙන් සාමාන්‍ය පොලිස් නිලධාරින් මෙන්ම උසස් පොලිස් නිලධාරින්ද දැඩි පීඩනයක රාජකාරී කරයි.
කෙසේ වුවත් මේ පිළිබඳව තහවුරු කරගැනීම සදහා දුරකතන ඇමතුම කිහිපයක් ලබා ගත්තත් නිල වශයෙන් තහවුරු කරගැනීමට නොහැකි විය.














































