මෙරට තුළ සිදුවන ඉඩම් මංකොල්ලයන් සම්බන්ධයෙන් මෑතකාලීනව වැඩි අවධානයක් යොමුව ඇති තේමාවක් බවට පත්ව ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සත්‍ය සහ යුක්තිය උදෙසා වන පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු අනුර ගුණරත්න මහතා සහ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩසටහනක් පවත්වා ඇත.
එහි දී මෙම ඉඩම් මංකොල්ලයන් සිදුවන ආකාරය ඊට සම්බන්ධ වන පුද්ගලයන් සහ ඊට අනුබල දෙන රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ද බොහෝ තොරතුරු හෙළිව ඇත.
මෙම සාකච්ඡාවේ දී ඔවුන් සඳහන් කරන කරුණක් වන්නේ මෙම ඉඩම් මංකොල්ලකරුවන් සහ පාතාලයේ විවිධ පාර්ශවයන් පොලිසිය සමග ද සම්බන්ධ වී මෙම අපරාධ සිදුකරන බවයි.
එනිසාම මේ සම්බන්ධයෙන් යුක්තියක් බලාපොරොත්තු වීමේ හැකියාවක් නොමැති බව මෙම කරුණු ඔස්සේ සනාථ වන්නකි.
මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝව පහතින්,














































