English
සිංහල
09:42 බදාදා, ජූනි 17, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බන්ධුල ගුණවර්ධන තමන්ගේම දරු මුනුබුරන්ගේ බෙල්ලට තොන්ඩුව දාන්න සැරසෙයි. නූගත් දහම් ගැටපද අඹරන්නේ චමුදිතටද?.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මානව හිමිකම් පිලිබදව විශ්ව ප්‍රකාශනය (UDHR) මානව හිමිකම් ඉතිහාසයේ ප්‍රමුඛතම සංධිස්ථානය වේ. මේ වන විට ලෝකයේ ඉහලින්ම මානව හිමිකම් කඩවීම් සිදුවෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් ජනතාව වෙත කරන පීඩා සහ රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විදින ජනතාවගේ විය හැකි බව ලෝක වාර්තා දෙස බලන විට පෙනී යයි. කෙසේ නමුත් මීට දින කිහියකට පමණ පෙර ඉරානය තුලින්ද මෙය දක්නට ලැබුණි.

    කෙසේ නමුත් මෙම විශ්ව ප්‍රකාශය  සැකසී තිබෙන්නේ ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම විවිධ නෛතික සහ සංස්කෘතික පසුබිම් සහිත නියෝජිතයන් විසින් කෙටුම්පත් කරන ලද මෙම ප්‍රකාශය 1948 දෙසැම්බර් 10දින පැරිසියේ පැවවතී එක්ෂත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සිටින සියලුම මානවයන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙනි (මෙම මහා සභා යෝජනවා 217A ලෙසද හදුන්වයි). මූලික මානව හිමිකම් විශ්වීය වශයෙන් ආරක්ෂා කල යුතු බවට එතුලින් ප්‍රථම වතාවට දක්වා ඈති අතර ලොව භාෂා 500 කට වඩා පරිවර්තනය කර තිබේ. මෙම මූලිකමිනිස් අයිතිවාසිකම් ගෝලීය වශයෙන් සහ කලාපීය මට්ටමින් ස්ථීර පදනමක් ඇතිව ක්‍රියාත්මක වේ.

    මානව පවුලේ සියලුම සාමාජිකයන්ගේ නෛසර්ගික ගෞරවය සමාන සහ අහිමි කල නොහැකි අයිතිවාසිකම් පිළිගැනීම ලෝකයේ නිදහස, යුක්තිය සහ සාමයේ පදනම වන අතර මානව හිමිකම් නොතකා හරිම සහ අවඥා කිරීම මානව වර්ගයේ හෘදසාක්ෂිය කෝපයට පත් කල ම්ලේච්ච ක්‍රියාවන්ට හේතු වී තිබෙන බවට අපට තිබෙන හොදම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාවයි. එසේම මීට දින කිහිපයකට පෙර ඉරානයේ සිදු වූ සිදුවීමද කදිම උදාහරණයකි. මිනිසුන්ට භාෂණයේ හා විශ්වාසයේ නිදහස භුක්ති විඳිය හැකි ලෝකයක් නිර්මාණය කිරීම තුලින් පමණක් බියෙන් තොරව ජීවත්විය හැකි අතර අවශ්‍යතාවයන්වලින් නිදහස්වීමට නම් මූලික මිනිස් අවශ්‍යතාවයන් ආරක්ෂා කර ගත යුතුබවද මෙම ප්‍රකාශයේ ඉතාම පැහැදිලිවම සඳහන් කර තිබේ. එසේම මින් බලාපොරොත්තුවන අවසාන විසඳුම ලෙස කුරිරු පාලනයන්ට එරෙහිව කැරලි ගැසීමට මිනිසාට බල නොකිරීමට නම්, නීතියේ ආධිපත්‍ය මගින් මානව හිමිකම් ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වන අතර ජාතීන් අතර මිත්‍ර සබඳථා වර්ධනය කිරීම ආදිය ඇතුළු කරුණු ගනනාවක් එහි සඳහන් කර තිබේ.

    එසේම මෙම මානව හිමිකම් ආරක්ෂාකර ගැනීම සදහා නොහොත්, මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සදහා විශ්වීය දැනුම පිළිගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සදහා එක්ෂත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතුකිරීමට සාමාජික රටවල් ප්‍රතිඥා දී තිබේ. මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අප හැමෝටම තොබිය් යුතුය. ඔබට යම් අසාධාරණයක් සිදු වුවහොත් ඔබට දැනෙන පීඩාව, වේදනාවම අනෙක් පුද්ගලයාටත් දැනෙන බව ඔබ සිතුවහොත් එය ඔබට දැනෙනු ඇත. නමුත් ශ්‍රී ලංකාවේ පාලකයනට හෝ රාජ්‍ය සේවකයන් බහුතරයක් තවමත් ඒවා තේරුම් අරගෙන නැත. ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන්ගෙන් සිදුවන්නේ අප ඉහතින් සදහන් කල දේවල් නිසා සමාජයට සිදුව තිබෙන හානිය මෙන්ම ඒවා නිසා සමාජය පාලකයන් කෙරෙහි දක්වන ආකල්පය ප්‍රසිද්ධ කිරීමයි.     

    දේශපාලනය තුළ මාධ්‍යයට බොහෝ කලක සිට හඬක් සහ කාර්යභාරයක් ඉටු කිරීමට සිදුව තිබේ.  පැරණිතම පුවත්පත් සහ සඟරා පවා ඔවුන්ගේ පිටු දේශපාලන කතිකාව සඳහා සංසදයක් ලෙස භාවිතා කළහ. 20 වන ශතවර්ෂයේදී විකාශන මාධ්‍ය මතු වූ විට, ගුවන් විදුලි සංක්ෂිප්ත සහ රූපවාහිනී වාර්තා සංවාදයට අවතීර්ණ වූ අතර, මහජනයාගේ විසිත්ත කාමරවලට දේශපාලන කථා ගෙන ආවේය. මේ වන විට ශ්‍රී ලංකාව තුල සියලුම දේශපාලඥයන් පවා තමන්ගේ නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ඔවුන්ටත් නොදැනීමය. ඒ රූප මාධ්‍යවලට පින් සිදුවන්නටය. ඔවුන්ගේම ප්‍රකාශයන් නිසා ඔවුන්ම නින්ද අපහාස සිදුකරගනිමින් සිටි. නමුත් තමන්ට එසේ වන්නේ කුමක් නිසාද යන තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔවුන්ට නැතිබවද අමුතුවෙන් සදහන් කිරිමට දෙයක් නැත.  

    මාධ්‍යවේදියා සහ මාධ්‍ය ආයතන ක්‍රියාත්මක විය යුත්තේ “ සමාජයේ මුර බල්ලෙකු” ලෙසය. ඊට  අමතරව, මාධ්‍ය පාඨකයන්ට සහ නරඹන්නන්ට ගැටළු සහ සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති ආවරණය ලබා දෙන අතර, විවාද සඳහා පොදු සංසද ද ඉදිරිපත් කරයි. මේ අනුව, මාධ්‍ය සහයෝගය හෝ එහි අඩුව – මහජන මතය සහ රජයේ ක්‍රියාමාර්ග කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. නිදසුනක් වශයෙන්, 2007 දී, Washington Post , Washington DC හි Walter Reed Army Medical Center හි තුවාල ලැබූ සොල්දාදුවන්ට ප්‍රමිතියෙන් තොර වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ මාස 4 ක පරීක්ෂණයක් පැවැත්වීය. ඉන්පසුව ඇති වූ කොටස් දෙකේ විශේෂාංගය නිසා යුද හමුදා ලේකම්වරයාගේ සහ වෛද්‍ය මධ්‍යස්ථානය භාර තරු දෙකේ ජෙනරාල්වරයාගේ රැකියා අහිමි විය. නමුත් ශ්‍රී ලංකාවේ සෑම විටම සිදුවන්නේ බලයේ සිටින පාර්ශ්වය එසේ සත්‍ය අනාවරණය කරනවාට විරුද්ධ වීමයි. තමන්ට බලය අහිමි වූ විට ඔවුන්ම නැවතත් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පසුපස යන්නේ පැවතින රජය විනාශ කිරිමටය.  

    කෙසේ වෙතත්, දේශපාලනයේ දී මාධ්‍ය භූමිකාව පිළිබඳ අඛණ්ඩ විවාදයක් පවතී. සමහර කතා පිටුපස ඇත්තටම සිටින්නේ කවුදැයි බොහෝ පුද්ගලයන් කල්පනා කරති. (විලියම් ජේම්ස් විලිස්, The Media Effect හි කතුවරයා ප්‍රවෘත්ති දේශපාලනයට සහ රජයට බලපාන ආකාරය මෙම විවාදය සාකච්ඡා කරයි).


    “සමහර විට මාධ්‍ය රජයට ඔවුන් ලුහුබැඳීමට අවශ්‍ය කතන්දර පසුපස හඹා යාමේ කැමැත්තෙන් හෝ නොදැනුවත්ව සහභාගිවන්නන් පෙනී සිටියි. තවත් විටෙක දේශපාලනඥයන් මාධ්‍ය විසින් ප්‍රචාරණය කිරීමෙන් විශාල කර ඇති ප්‍රශ්න පසුපස හඹා යන බව දකියි. දශක ගණනාවක් පුරා, දේශපාලන විද්‍යාඥයන්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් සහ දේශපාලන පණ්ඩිතයන් රජයට සහ දේශපාලනඥයන්ට බලපෑම් කිරීමේ මාධ්‍ය බලය පිළිබඳව බොහෝ තර්ක ඉදිරිපත් කර ඇත (Willis, 2007).

    කෙසේ නමුත් දක්ෂ දේශපාලන නායකයන්ට නොහොත් ජනතාවාදී සැබෑ නයකයන්ට  මාධ්‍ය අවශ්‍ය වන්නේ සත්‍ය තොරතුරු දැනගැනීමටයි. ඔවුන් එයින් සැබෑ තත්වයන් දැනගෙන රටේ  ජනතාවගේ ප්‍රශ්න විසදන නමුත් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ රටේ පවතින සැබෑ තත්වයන් වසා දැමීමට රජය විසින් මිලදී ගත් කුලී කරුවන් ලෙස මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන භාවිතයට ගනී.

    අප ඉහත සදහන් කර තිබෙන්නේ විශ්වය පිළිගෙන තිබෙන සහ ශ්‍රී ලංකාවේ පාලකයන්ද ඒවා පිළිගත් බවට අත්සන් අත්බා තිබෙන විශ්වීය නීතියයි. නමුත් මෙහි සිටින්නේ “ කබරගොයා උනත් තලගොයෙක්” කරගෙන කන පාලකයන්ය. එම නීතිය නොදත් සහ හෝ ඒවා පිළිගැනීමට අකමැති මෙරට අනකුත් පාලකයන් සේම වර්තමාන ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍යවේදය පාලනය කිරිමට් උත්සහ කරන බව දක්නට තිබෙන්නේ ඔහුගේම ප්‍රකාශයකිනි.

    පසු ගියදා පාර්ලිමේන්තුව අමතමින් බන්දුල ගුණවර්ධන මහතා සදහන් “ කලේ රූපවාහිනී නාලිකා වල පත්තර විස්තර ඉදිරිපත් කරන විට පුවතට අදාළ නොවන වෙනස් මත සමාජගත කරන බවයි. එසේම පුවත්පතේ ඇති කරුණු හැරෙන්න වෙනත් මතයක් ප්‍රකාශ කිරීමට පුළුවන්ද යන ප්‍රශ්නය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් කළ බව”  ද හෙතෙම පැවසීය. මාධ්‍ය විවිධ මතවාදයන් ඇති කිරීමේ ආදීනව සලකා බැලිය යුතු බවද පැවසූ ඔහු රටේ ප්‍රතිරූපය නැති වන ලෙස මාධ්‍ය වාර්තා කරනවා නම් එය බරපතළ තත්ත්වයක් යයිද සදහන් කලේය. පසුගිය මැතිවරණයට පෙර නොහොත් යහපාලන රජය බිද දැමීම සඳහා ප්‍රධාන රුපවාහිනී නාලිකාවක් සමග ගිවිසුමක් අත්සන් කලේ බැසිල් රාජපක්ෂය. ඒ සඳහා ඔවුන් යහතින් මුදල් ලබා ගත්තා සේම බන්ධුල ගුණවර්ධන මහතාගේ හිටපු නායකයා වන ජනතා නැගී සිටීම් හමුවේ මෙරටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා රජ කිරීම සදහා ඔහුගේ නොතිබූ හැකියාවන් ඉස්මතුකලේද රුපවාහිනී නාලිකා බවද සඳහන් කල යුතුය.  

    අතීතය එසේ වුවත් වර්තමානයේ රටේ පවතින්නේ දැවැන්ත ප්‍රශ්න ගණනාවකි. පත්තර වාර්තාකරන දෙයට අමතරව ඒ පිලිබදව තිබෙන අතීත, වර්තමාන සහ අනාගතයේ විය හැකි දේවල් ඉදිරිපත් කිරීමට මාධ්‍යවේදියෙකුට පමණක් නොවේ. ඕනෑම පුරවැසියෙකුට තිබෙන හිමිකමකි. මේ වන විට රටේ ප්‍රශ්න පත්තරේ වැඩසටහනිනේ හෝ නිසි ලෙස ඉදිරිපත්කරන්නේ චමුදිත සමරවික්‍රම විසින් හිරු පත්තරේ වැඩසටහන තුලිනි. එසේ නම් වැඩ බැරි සහ රටක පාලනය කිරිමට නොදත්, ඉගෙන නොගත් පාලකයන් මේ සූදානම් වන්නේ “ සමාජයේ මුරබල්ලන්ගේ කට වැසීමට නම් “ එය අමුම අමු මෝඩ කමකි. හේතුව නම් දැන් ශ්‍රී ලංකාවේ ජනතාව දැන් සත්‍ය තොරතුරු ලබාගැනීමට තවත් අන්තර්ජාල මාධ්‍ය වර්ග ගනනාවක් භාවිතා කරයි. මාධ්‍ය ආයතනවල හෝ මාධ්‍යවේදීන්ගේ “ හඩ පාලනය කිරීම” කරන්නේනම් ඉන් කියවෙන්නේ මෙරට පාලකයන් තවමත් සිටින්නේ ගෝලීයකරණය තුල නොවන බවයි. එබැවින් මාධ්‍යවේදීන්ගේ කටවල් වැසීමට පෙර නිසි ලෙස ඉක්මනින් රටේ ප්‍රශ්න නොවිසදීමෙන් සියලුම මැති ඇමතිවරුන්ගේ මෙන්ම තීරණ ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ නිවාසද අධි ආරක්‍ෂිත කලාප බවට පත් කිරීමට සිදුවනු ඇත.  එබැවින් මේ අවස්ථාව වන විට එදා 2500 න් කනවා කියලා ජනතාව අන්දන්න ගිහින් අනාගත්තා සේ චමුදිතගේ, අනෙකුත් මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයන් අවහිර කර රටේ ප්‍රශ්න විසදිය නොහැකි බව අප අවධාරණයෙන් කරන්නෙමු.  

    රජය යනු ජනතාවගේ ආයතනයයි. රජයේ සහ ඒවායේ පාලකයන්ගේ වැරදි ඕනෑම ආකාරයකින් පෙන්වා දීමත් ජනතාවගේම අයිතියකි. මූලික මිනිස් අයිතිවාසිකම් නොහොත් ආණ්ඩුක්‍රම නීතියට පරිභාහිරව නීති සකස් කල නොහැකිය. ජනමාධ්‍ය අමාත්‍යවරයා කට වැසීම සදහා යම් නීතියක් රැගෙන හෝ ආචාරධර්ම පද්ධතියක් රැගෙන ආවොත් එහි නීතිමය තත්වය අප එහිදී පැහැදිලිකරනු ඇත.  

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version