බලපත්‍ර නැතිව තේ කොළ ප්‍රවාහනය කළ වෙළම්බොඩ ප්‍රදේශයේ තුන් දෙනෙක් පොලිස් අත්අඩංගුවට!
ආගරපතන ප්‍රදේශයේ සිට ගම්පොල වෙලම්බොඩ දක්වා සැකකරුවන් තිදෙනා වැන් රථයකින් බලපත්‍රයක් නොමැතිව ප්‍රමිතියකින් තොර තේ කිලෝ 800 ක් උර මළු 52 බහා ප්‍රවාහනය කරමින් සිටියදි වටවල පොලිසියේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරින් විසින් (09) දින අලුයම වටවල නගරයේදි වැන් රථය නතර කර පරික්ෂා කිරිමේදි මෙම තේ තොගය සහ සැකකරුවන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කල සැකකරුවන් තිදෙනා ගම්පොල වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අවු 25-30 වයස් කාණ්ඩවල පසුවන අය බවයි වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
( සරත් සමරනායක )














































