ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රු.03.00 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එය එළඹෙන බදාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ.
ඒ අනුව අවම ගාස්තුව රු.03.00 කින් ඉහළ යන අතර ජාතික ගමනා ගමන කොමිසම විසින් සෑම මාර්ගයකම දුර ප්‍රමාණය අනුව අය කළ යුතු ගාස්තුව ලබන 03 වනදා හෝ 04 වනදා තීරණය කෙරේ.
එමෙන්ම නුවර – කොළඹ මාර්ගයේ සාමාන්‍ය ටිකට් පත රු.37.00 කින්, කොළඹ – මාතර රු.46.00 කින්, කොළඹ – අනුරාධපුර මාර්ගය රු.64.00 කින් ලෙස බස් ගාස්තු මිල ඉහළ නංවා ඇත.
















































