දඹුල්ල පොලිස් නිල සුනඛ අංශයට අනුයුක්තව සේවය කළ නිල සුනඛ 1265 බොනී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
වසර අටක පමණ කාලයක් නිල සුනඛ අංශයේ සේවය කළ බොනී පුපුරන ද්‍රව්‍ය සෙවීමේ මනා පුහුණුවක් ලබා සිටි බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මන්නාරම ,අනුරාධපුර ,යාපනය ප්‍රදේශවල රාජකාරි කර ඇති බොනී පුපුරන ද්‍රව්‍ය සෙවීමේ දස්කම් දක්වා ඇති බව සදහන්.
බොනීගේ අවසන් කටයුතු දඹුල්ල පොලිස් භූමියේදී පොලිස් ගෞරව සහිතව සිදු කර තිබේ.













































