සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනයෙන් මිය ගිය ප්‍රමාණය 500ට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එදා මෙදා තුර තුර්කියේ සිදු වූ විශාලතම භූමිකම්පාව මෙය විය හැකි බව ද වාර්තා වන අතර මිය ගිය පිරිස අතර තුර්කි වැසියන් මෙන් ම සිරියානු වැසියන් ද සීටී.
රික්ටර් මාපක 7.8 විශාලත්වයෙන් සිදු වූ මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 40ක් පමණ සිදු වී තිබේ. එසේම මොහොතින් මොහොතින් මොහොත මල සිරුරු වැඩි වෙමින් පවතින බවද විදෙස් මාද්‍ය වාර්තා කර තිබේ.
ගාසියන්ටෙප්, කහ්රමන්මරාස්, හටේ, ඔස්මානියේ, අදියමන්, මලාටියා, සන්ලියුර්ෆා, අදනා, දියාර්බාකිර් සහ කිලිස් ඇතුළු නගර 10කට මෙම භූ කම්පනය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.
භූ කම්පනය එරට වේලාවෙන් පස්වරු 04:17ට (GMT 01:17) ගාසියන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී සිදු වී තිබේ.
















































