මත්පැන් දන්සලක් දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තරුණයින් හය දෙනා ඊයේ (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ බව වාර්තා වේ.
මෙම සැකකරුවන් කටුනායක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 25 ත් අතර තරුණයින් පිරිසක් බව සදහන්.














































