ඊයේ (14) සවස බේරුවල නගරයේ දී වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයක් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු අත දරුවෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ.
මොරගල්ල ප්‍රදේශයේ සිට පාගමනින් පැමිණි කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් සමඟ අත දරුවෙකු සිට ඇති අතර ඔවුන්ට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රී රෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඔවුන්ගේ ඇඟේ ගැටී තිබේ. එහිදී එක් කාන්තාවක් අත දරා සිටි කුඩා දරුවා මීටර් 10ක් පමණ ඈතට විසි වී ගොස් බිම ඇඳ වැටී තිබේ.
අනතුරින් කාන්තාවක් සහ කුඩා දරුවා තුවාල ලබා ඇති අතර ඔවුන් කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්.
අදාළ ත්‍රී රෝද රථ රියදුරු බේරුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.














































