ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුධය තවදුරටත් මෙලෙසම පැවතියහොත් හෝ උග්‍ර වුවහොත් එමගින් ශ්‍රේණිගත කර ඇති පෞද්ගලික ආයතන වලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව ෆිච් රේටින්ස් පවසා ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ පාරිභෝගික භාණ්ඩ, විදුලිබල උත්පාදන සහ නිවාස ඉදිකිරීම් යන ක්ෂේත්‍රවලට සම්බන්ධ සමාගම්වලට මේ තත්වය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව යි.
නමුත් රට මෙවැනි ඛේදනීය තත්වයක පවතින පසුබිමක රට කරවන ඇත්තන් මේ සදහා එතරම් සැලකිල්ලක් නොදක්වා තම බලය ආරක්ෂා කරගැනීමට පමණක් වෙහෙස වීම කණගාටුවට කරුණකි.
බලය පසුපස හඹා යමින් රට අඝාදයට ඇද දැමූ පාලකයන්ට සමස්ත දුක් විදින ජනතාව පිළිබදව සිතා රට එම අඝාදයෙන් ගොඩ ගැනීමට කටයුතු කිරීමට කාලය උදා වී ඇත.















































